සටන් විරාම යෝජනාව පිළිගන්න - බ්‍රිතාන්‍යය



ඇමෙරිකාවේ මැදිහත් වීමෙන්, ඊජිප්තුව සහ කටාර් රාජ්‍යය එක් වී, ඊශ්‍රායල රජයේ නියෝජිතයන් සමඟ සාකච්ඡා කරමින්, ඊශ්‍රායල හමාස් ගැටුම අවසන් කිරීමට සකස් කළ සටන් විරාම යෝජනාවට කැමැති වෙන්නැයි මහා බ්‍රිතාන්‍යය, හමාස් සංවිධානයෙන් ඉල්ලීමක් කර තිබේ.

දින 40 ක සටන් විරාමයන් සඳහාත්, හමාස් සටන්කාමීන්ගේ ග්‍රහණයේ පසුවන ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් නිදහස් කර ගැනීම සඳහාත් එම සටන් විරාමය සකස් කර ඇතැයි බ්‍රිතාන්‍ය රජය වෙනුවෙන් එරට විදේශ අමාත්‍ය ඩේවිඩ් කැමරන් පැහැදිලි කර තිබේ. 

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS