හදිසි සන්නිවේදන සේවා මධ්‍යස්ථානයක්



කුවේට් වැසියන්ට හදිසි අවස්ථාවන්වලදී සේවා සැපයීම සඳහා කුවේට් විදේශ කටයුතු අමාත්‍යාංශය හදිසි සන්නිවේදන සේවා මධ්‍යස්ථානයක් පිහිටුවා ඇති බව වාර්තා වේ.

කුවේට් හි අංක 159 සහ විදේශයන් සිට 00965159 හෝ 0096522225504 යන දුරකථන අංක හරහා හදිසි සන්නිවේදන සේවා මධ්‍යස්ථානය සමඟ සම්බන්ධ විය හැකිය.

මෙම හදිසි සන්නිවේදන සේවා මධ්‍යස්ථානය පැය 24 පුරාම ක්‍රියාත්මක වන අතර , රජයේ නිවාඩු දිනවලදීද සේවාවන් ලබාගත හැකිය.

කුවේට් පුරවැසියන්ට උපකාර කිරීම මෙන්ම විදේශ කටයුතු අමාත්‍යාංශයේ සේවාවන් පුළුල් කිරීම සහ වැඩිදියුණු කිරීම සහතික කිරීම සඳහා විදේශ අමාත්‍යාංශයේ උපාය මාර්ගයන්ට අනුකූලව නව සේවාව දියත් කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිල
(GDN Online - කුවේට් නගරය)

RECOMMEND POSTS