වසර 2,000 වඩා පැරණි පුරාවස්තු හමුවෙයි



එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ සිදුකළ පුරාවිද්‍යා කැණීමකින් වසර 2,000කට වඩා පැරණි පුරාවස්තු හමු වී ඇති බව වාර්තා වේ.

උම් අල් කුවේන් නගරයේ ආබ්රාක් පුරාවිද්‍යා භූමියෙන් රන් කාසි තුනක් හමු වී ඇති අතර, වසර 2,000කට වඩා පැරණි බව සොයාගෙන ඇත.

ක්‍රි.ව. පළමු ශතවර්ෂයේ සංසරණය වූ රන් කාසි බවත්, ක්‍රිස්තු වර්ෂ 17 සහ 31 අතර කාලයේ ටයිබීරියස් අධිරාජ්‍යයාගේ පාලන සමයේදී ප්‍රංශයේ ලියොන් හි නිෂ්පාදනය කරන ලද කාසි අනුකරණය කරන ලද ඒවා බව ඉතාලි පුරාවිද්යා මෙහෙයුමේ අධ්යක්ෂ, මිචෙල් ඩෙග්ලි එස්පොස්ටි ප්‍රකාශ කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN Online - ඩුබායි නුවර)

RECOMMEND POSTS