ඊශ්‍රායල-හමාස් අර්බුදයට කටාරය මැදිහක් වෙයි



ඊශ්‍රායල හමාස් ගැටුමට කටාර් රාජ්‍යය මැදිහත් වී සිටී. සටන් විරාමයකට යෑම සම්බන්ධයෙන්, ඊශ්‍රායල නිලධාරීන් සහ හමාස් නියෝජිතයන් අතරේ සාකච්ඡා පැවැත්වෙන බවත්, එම සාකච්ඡා ඵලදායී වූ බවත් කටාර් අග්‍රාමාත්‍ය මොහොමද් බින් අබ්දුල්රහ්මාන් බින් ජසීම් අල් තානී මාධ්‍ය හමුවේ පැහැදිලි කර තිබේ.

ඊශ්‍රායල රජය සහ හමාස් සටන්කාමීන් අතරේ සටන් විරාමයක් ඇති කර ගැනීම සම්බන්ධයෙන්, ඇමෙරිකාවේ සහ ඊජිප්තුවේ ද සහාය කටාර් රජයට හිමිවෙයි. හමාස් සංවිධානය ක්‍රියාත්මක ගාසා තීරය ඊජිප්තුවට ද මායිම් වෙයි.

මේ අතර, ඊශ්‍රායල හමාස් අර්බුදය කඩිනමින් අවසන් කර ගැනීම සඳහා ඊශ්‍රායල, ඇමෙරිකන් සහ ඊජිප්තු බුද්ධි අංශ ප්‍රධානීන්ගේ හමුවක් ප්‍රංශයේ පැරිස් අගනුවරදී පැවැත්විණි.

ඊශ්‍රායලය ගාසා තීරයේ හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් පහර දීම ආරම්භ කළේ පසුගිය ඔක්තෝබර් 7 වැනි, හමාස් සටන්කාමීන් ඊශ්‍රායලයට කඩා වැදී එල්ල කළ ප්‍රහාරයෙන් පසුවය.


RECOMMEND POSTS