ඊශ්‍රායල හමාස් යුද්ධයට දින 200 යි



ඊශ්‍රායලය සහ ගාසා තීරයේ හමාස් සටන්කාමීන් අතර හටගත් යුද ගැටුමට දින 200 ක් ගත වී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. දින ​200 ක් ගත වුවත්, සටන් විරාමයකට යෑමේ කිසිදු අදහසක් දෙපාර්ශ්වයටම නොමැති බව ද විදෙස් මාධ්‍ය වැඩි දුරටත් පෙන්වා දෙයි.

ඊශ්‍රායල හමුදා ගාසා තීරයට එල්ල කරන ප්‍රහාරවලින්, සෑම මිනිත්තු 10 කට වරක්ම, ගාසා තීරයේ පලස්තීන දරුවකු මියයන බවත් එය ඛේදනීය තත්ත්වයක් බවත් සරණාගතයන් සඳහා වන එක්සත් ජාතීන්ගේ ඒජන්සිය පෙන්වා දෙයි.

ඊශ්‍රායල හමුදා ගාසා තීරයට එල්ල කරන ප්‍රහාරවලින් මේ වනවිට පලස්තීනුවන් 34,049 දෙනකු මියගොස් ඇති බවත්, ඔවුන්ගෙන් 15,000 කුඩා දරුවන් බවත් පැවැසෙයි. තුවාල ලැබූවන් ගණන 76,000 පසු කර තිබේ.

ජාත්‍යන්තර අධිකරණයේ තීන්දු නොසලකා හරිමින්, ඊශ්‍රායලය දිගින් දිගටම ගාසා තීරයට එල්ල කරන ප්‍රහාර හේතුවෙන් දරුවන්ගේ ජීවිත දැඩි අනාරක්ෂිත තත්වයකට පත්ව ඇති බව එක්සත් ජාතීන්ගේ ඒජන්සිය වැඩි දුරටත් පැහැදිලි කර තිබේ.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS