සටන් විරාමය පසුපස ඇමෙරිකාවත් ඉන්නවා



ඊශ්‍රායල-හමාස් සටන් විරාමය පසුපස ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් ද සිටින බව කටාර් එමීර් තමීම් බින් හමාද් අල් තානී පවසයි.

ඊශ්‍රායල හමාස් ගැටුම් ආරම්භ වූ දා පටන්, කටාර් රාජ්‍යය මැදහත්කරුවකු කරමින්, ඊශ්‍රායල හමාස් ගැටුමට විසඳුම් සෙවීමට මැදිහත් වූයේ ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් බව කටාර් එමීර්වරයා පවසයි.

කටාර් රාජ්‍යය සහ ඇමෙරිකාව අතරේ ඉතා සමීප මිත්‍රත්වයක් පවතී. ඊට අමතරව, සටන් විරාමයකට යෑමට ඊජිප්තු ජනාධිපති අල් සීසීගේ සහාය ද ඇමෙරිකන් ජනාධිපති බයිඩන් ලබාගෙන තිබේ.

ඊශ්‍රායල හමාස් සටන් ආරම්භ වූ අවස්ථාවේ සිට ඇමෙරිකන් ජනාධිපතිවරයා තරයේ කියා සිටියේ කොන්දේසි විරහිතව, ඇමෙරිකාවේ සහාය ඊහ5ායලයට හිමිවන බවත්, ගාසා තීරයෙන් හමාස් සටන්කාමීන් මුලිනුපුටා දැමිය යුතු බවත්ය.

කොස් නමුත් ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීන සිවිල් වැසියන් මියයෑම සම්බන්ධයෙන් ඇමෙරිකානු ජනාධිපතිවරයා දිගින් දිගටම කනස්සල්ල පළ කර තිබේ.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS