හදිසි ගිලන්රථ සේවාවක්



කුවේට් සෞඛ්‍ය අමාත්‍යාංශය හදිසි ගිලන්රථ සේවාවක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.

රළු මාර්ගවල ගමන් කිරීමට හැකි ගිලන්රථ 10ක් සමඟින් අංග සම්පූර්ණ ගිලන්රථ 79ක් මෙම ගිලන්රථ සේවාවට අයත් වේ.

2024 වසර පුරාවට තවත් ගිලන්රථ 100ක් හදිසි ගිලන්රථ සේවාවට එක්කිරීමට අපේක්ෂා කරන බවත්, මෙම ගිලන්රථ නවීනතම උපාංගවලින් සමන්විත වන බවත්, දැනට පවතින ඉලෙක්ට්‍රොනික පද්ධතියට සම්බන්ධ කරන බව කුවේට් සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය අහමඩ් අල්-අවාදි සමාරම්භක උත්සවය අමතමින් පැවසීය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN Online - කුවේට් නගරය)

RECOMMEND POSTS