විදේශ ඇමතිට එක්සත් ජනපදයෙන් ඇමතුමක්



සෞදි විදේශ කටයුතු අමාත්‍ය, ෆයිසාල් බින් ෆර්හාන් බින් අබ්දුල්ලා කුමරුට ඇමරිකා එක්සත් ජනපදයෙන් දුරකථන ඇමතුමක් ලැබී ඇති බව වාර්තා වේ.

එක්සත් ජනපදරාජ්‍ය ලේකම්, ඇන්ටනි බ්ලින්කන් දුරකථන ඇමතුමක් ලබාදී දැනට මැදපෙරදිග කලාපයේ ඇති වී තිබෙන ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇත.

ගාසා තීරයේ සහ ඒ අවට ප්‍රදේශවල විශාල වශයෙන් වර්ධනය වන යුදමය තත්ත්වයන් සම්බන්ධයෙන්ද කරුණු විමසා ඇත. 

ජානක  ප්‍රියදර්ශන ජයතිලක
(GDN Online - රියාද් නුවර)

RECOMMEND POSTS