මූල්‍ය අපරාධකරුවන්ට දඩ



සෞදි අරාබියේ මූල්‍ය නීතිරීති උල්ලංඝණය කළ ආයෝජකයින් අට දෙනෙකු දඩ නියම කර ඇති බව වාර්තා වේ.

සෞදි රියාල් මිලියන9.6ක් දඩයක් සහ නීතිවිරෝධිව උපයාගත් ලාභවලින් සෞදි රියාල් මිලියන 292.8ක් නැවත ගෙවන ලෙස මූල්‍ය අපරාධකරුවන්ට අධිකරණය නියෝග කර ඇත.

අබ්දුල්අසිස් බින්අබ්දුල්ලා බින් ඉසා ඇල්බන්යාන්සහඔහුගේ පුතුන් හතර දෙනා,හින්ද් බින්ට් මොහොමඩ් බින්  අබ්දුල්රහ්මාන් බින් අසකර් සහ ඔහුගේ දියණියන් දෙදෙනා වන රීම් සහ නූෆ්වරදකරුවන් කර ඇති බව ප්‍රග්ධන වෙළෙඳපොළ අධිකාරිය ප්‍රකාශ කළේ ය.

ලැයිස්තුගත කර ඇති සමාගම් දෙකක කොටස් වෙළඳාම් කිරීමේදී ප්‍රාග්ධන වෙළඳපොල නීති සහ වෙළඳපල හැසිරීම් රෙගුලාසි උල්ලංඝනය කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(Arabnews රියාද් නුවර)

RECOMMEND POSTS