ඩොලර් 266,000කට අලෙවි වු උකුස්සන්



සෞදි අරාබියේ පැවැත් වෙනඋකුස්සන් අලෙවි කරන වෙන්දේසියකින් වාර්තාගත ආදායමක් ලබාගෙන ඇති බව වාර්තා වේ.

වෙන්දේසියට තබා තිබු උකුස්සන් දෙදෙනෙකු සෞදි රියාල් 146,000( ඩොලර් 266,000)ක මිලකට අලෙවි කර ඇති බව සෞදි ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කරයි.

මෙම වෙන්දේසිය ඔක්තෝබර් 01 දින සිට නොවැම්බර් 15 දින දක්වා රියාද් නුවර “සෞදි ෆැල්කන්ස් ක්ලබ්“ මූලස්ථානයේදි පැවැත්වේ.

රාජධානියේ උකුස්සන්ගේ උරුමය ප්‍රවර්ධනය කිරීම සහ ඒ හා සම්බන්ධ සංස්කෘතික හා ආර්ථික ක්‍රියාකාරකම්වලට සහාය වීමමෙම වෙන්දේසිය පැවැත්වීමේ ප්‍රධාන අරමුණ බව සඳහන් වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(Arabnews- රියාද් නුවර)

RECOMMEND POSTS