38 වන ගුවන් යානය ඊජිප්තුවට



සෞදි අරාබියේ 38 වන ගුවන් යානය ඊජිප්තුවේ එල්-අරිෂ් ජාත්‍යන්තර ගුවන්තොටුපළට ළඟා වූ බව සෞදි පුවත්පත් ඒජන්සිය වාර්තා කළේය.

ගාසා තීරයේ පලස්තීන ජනතාවට ලබාදීම සඳහා ටොන් 23 ක ආහාර, වෛද්‍ය සහ නවාතැන් සැපයුම් ඇතුළත් ආධාර රැගෙන ගොස් ඇති අතර, සල්මාන් රජු මානුෂීය ආධාර සහ සහන මධ්‍යස්ථානය ආධාර බෙදා හැරීම සම්බන්ධීකරණය කරයි.

ගාසාතීරයේ ජනතාවට උදව් කිරීමට කැමති අයට Sahem යෙදුම Apple හි App Store හෝ Google Play වෙතින් බාගත හැකිය.

මේවනවිට මිලියන 1.37කට වැඩි පිරිසක් ආධාර කිරීමට සම්බන්ධ වී ඇති අතර, sahem.ksrelief.org වෙත පිවිසීමෙන් හෝ Al-Rajhi බැංකු ගිණුමට (SA5580000504608018899998) ආධාරමුදල් තැම්පත් කිරීමට අවස්ථාව ලබාදී ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ArabNews - රියාද් නුවර)

RECOMMEND POSTS