26 වන සහන ගුවන් යානය ගසා තීරයට



සෞදි අරාබිය සිය 26 වන සහන ගුවන් යානය පසුගියදා ඊජිප්තුවේ එල්-අරිෂ්ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත යැවීමට කටයුතු කර ඇති බව වාර්තා වේ.

ගාසා තීරයේ අවතැන් වී සිටින පලස්තීන ජනතාවට ලබාදීම සඳහා වෛද්‍ය සහ නවාතැන් ද්‍රව්‍ය ටොන් 24 ක් යානයෙන් රැගෙන ගොස් ඇත.

අර්බුදකාරී අවස්ථාවලදී පලස්තීන ජනතාවට සහයෝගය දැක්වීමේ සෞදි අරාබියේ දිගුකාලීන දැක්මේ කොටසක් ලෙස සහනාධාර යැවීමට කටයුතු කර අතර, සල්මාන් රජු මානුෂීය ආධාර සහ සහන මධ්‍යස්ථානය සහනාධාර බෙදාදීමේ මෙහෙයුම් කටයුතු සිදුකරයි. 

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(Arabnews- රියාද් නුවර)

RECOMMEND POSTS