ඕනෑම තැනකට පහර දිය හැකි මිසයිලයක්



ලොව ඕනෑම තැනක ඕනෑම ඉලක්කයටකට නිවැරදිව පහර දිය හැකි ආකාරයේ නව මිසයිලයක් සාර්ථකව අත්හදා බැලීමට රුසියාව සමත් විය. රුසියාව මෙම අන්තර් අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිලය නම් කර ඇත්තේ ‘සර්මැට්’ යනුවෙනි.

බැලස්ටික් මිසයිල යනු එක් මහද්වීපයක සිට තවත් මහද්වීපයකට විදිය හැකි ප්‍රබල මිසයිල වර්ගයකි. ‘සර්මැට්’ මිසයිලයට ඕනෑම ආකාරයක න්‍යෂ්ටික යුද ශීර්ෂයක් සවි කළ හැකි බව පැවැසෙයි. ඒ අනුව, රුසියාවේ න්‍යෂ්ටික අවි අතරට එක් වුණු නවතම අවිය ‘සර්මැට්’ යැයි ද පැවැසෙයි. සර්මැට් මිසයිලය නිපදවීම සඳහා රුසියානු විද්‍යාඥයන්ට වසර 20 කට අසන්න කාලයක් ගත වී ඇතැයි ද පැවැසෙයි. ‘සර්මැට්’ මිසයිලය බරින් ටොන් 200 කි

රුසියාව මේ වනවිට යුක්රේනයට පහර දෙයි. රුසියාව යුක්රේනයට බහර දීම ආරම්භ කළේ පසුගිය පෙබරවාරියේ සිටය. මේ වනවිට නැගෙනහිර යුක්රේනයේ ඩොන්බාස් පළාත වෙනුවෙන් දරුණු සටන් ඇවිළෙමින් පවතින බව වාර්තා වේ.

රුසියානු යුක්රේන යුද්ධය තෙවැනි ලෝක යුද්ධය දක්වාත්, න්‍යෂ්ටික යුද්ධයක් දක්වාත් වර්ධනය වුවහොත්, රුසියාව ඔවුන්ගේ න්‍යෂ්ටික අවි ඒ සඳහා යොදා ගනු ඇත. දැනටමත් රුසියා සතුව ප්‍රබල දිගු දුර බැලැස්ටික මිසයිලයක් ඇති අතර එය නම් කර ඇත්තේ ‘සාතන් 1’ යනුවෙනි. බටහිර රටවල් ‘සර්මැට්’ මිසයිලය හඳුන්වා ඇත්තේ ‘සාතන් 2’ යනුවෙනි.

(රොයිටර්)


RECOMMEND POSTS