හිස්බුල්ලා ඉලක්ක කරගනිමින් ප්‍රහාරයක්



ලෙබනනයේ හිස්බුල්ලා සාමාජිකයන් පණිවුඩ හුවමාරු කර ගැනීමට භාවිත කරන, 'පේජර්' යන්ත්‍ර හිටිහැටියේ එකවර පුපුරා යෑමෙන්, හිස්බුල්ලා සාමාජිකයන් දෙනකු මියගොස් ඇතුළු තවත් දහස් ගණනක් තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ලෙබනනය පුරා, හිස්බුල්ලා සාමාජියන් සියලු දෙනා භාවිතයට ගන්නා පේජර් යන්ත්‍ර, එකම වේලාවක් ඇතුළත දී මෙසේ පුපුරා ගිය බව පැවැසෙයි.

පේජර් යන්ත්‍ර පුපුරා යෑමෙන්, තුවාල ලැබූ ගණන 2,750 ක් බවත් ලෙබනන් සෞඛ්‍ය අමත්‍යාංශය කියයි.

තුවාල ලැබූවන්ගෙන් 200 දෙනකුගේ තත්ත්වය බරපතල බව ද සෞඛ්‍ය අමත්‍යාංශය වැඩි දුරටත් පැහැදිලි කර ඇත.

'පේජර්' යන්ත්‍ර සියල්ල එකම වේලාවක පුපුරා යෑම ආරම්භ වූයේ දකුණු බේරූට් නගරයෙනි.

'පේජර්' යන්ත්‍ර සියල්ල එකම වේලාවක පුපුරා යෑමට සැලැස්වූයේ ඊශ්‍රායලය යැයි හිස්බුල්ලා චෝදනා නගයි.

කෙසේ නමුත් කුඩා පේජර් යන්ත්‍ර සියල්ල, එකම වේලාවක පුපුරා හැරීම, ඉතාමත් සංකීර්ණ ක්‍රියාවලියකි. ඒ සඳහා නවීන තාක්ෂණය අවශ්‍ය වෙයි. ඊශ්‍රායලය එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කර ඇත.

ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය ත්‍රස්ත සංවිධානයක් ලෙස ඇමෙරිකාව, ඊශ්‍රායලය සහ බටහිර රටවල් සලකයි.

හිස්බුල්ලා සාමාජිකයන්, කෙටි පණිවුඩ හුවමාරු කර ගැනීම සඳහා සාක්කුවේ දමාගෙන යා හැකි පේජර් යන්ත්‍ර භාවිතයට ගනී.

මියගිය හිස්බුල්ලා සාමාජිකයන් නව දෙනා අතර ලෙබනන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනකු ද සිටින බව පැවැසෙයි. හිස්බුල්ලා සංවිධානය දේශපාලන අංශයකින් මෙන්ම සන්නද්ධ අංශයකින් සමන්විතය.


RECOMMEND POSTS