යෝධ ගුවන්යානා 3 ක් පාරේ යයි



සෞදි අරාබිය යෝධ ගුවන්යානා තුනක් සේවයෙන් ඉවත් කිරීමට කටයුතු කර ඇති බව වාර්තා වේ.

B777-200ER ගුවන් යානා තුනක් සෞදි අරාබියේ ප්‍රධාන පෙළේ මාර්ගයක රැගෙන යන ආකාරයේ සිත්ගන්නා වීඩියෝවක් පුරවැසියන්ගේ අවධානයට ලක්ව ඇත.

දිග මීටර් 64ක් සහ උස මීටර 6කට වඩා වැඩිමෙම ගුවන් යානා තුන ජෙඩා නුවර සිට රියාද් නුවර දක්වා ප්‍රවාහනය කර ඇත.

"Boulevard Runway" ව්‍යාපෘතියේ කොටසක් ලෙස මෙම ගුවන්යානා සාප්පු, ආපනශාලා බවට පරිවර්තනය කර වැඩිහිටියන් සහ ළමුන් සඳහා අන්තර්ක්‍රියාකාරී අත්දැකීම් නිර්මාණය කිරීම සඳහා භාවිතා කරනු ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDNOnline - රියාද් නුවර)

RECOMMEND POSTS