හවුති සටන්කාමීන්ගෙන් පළිගන්නවා - නෙදන්යාහු



යේමනයේ, ඉරාන හිතවාදී ෂියා මුස්ලිම් හවුති සටන්කාමීන් ඊශ්‍රායලයට මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. මිසයිලය පතිත වූයේ මධ්‍යම ඊශ්‍රායලයට අයත් ජනශුන්‍ය ප්‍රදේශයකටය. එහෙයින්, ජීවිත හානි හෝ දේපළ හානි හෝ සිදු නොවුණි.

කෙසේ නමුත්, එම මිසයිල ප්‍රහාරය සම්බන්ධයෙන්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු හවුති සටන්කාමීන්ට අනතුරු අඟවා ඇත්තේ, එම ප්‍රහාරය වෙනුවෙන් පළිගන්නා බවත්, හවුති සටන්කාමීන්ට කිසිදු සමාවක් නොදෙන බවත් පවසමිනි.

හවුති සටන්කාමීන් ඊශ්‍රායලයට මිසයිලයක් එල්ල කළ පළමු අවස්ථාව මෙයයි.

මිසයිලය යේමනයේ සිට කිලෝ මීටර් 2,000 ක දුරක් පසු කර ඊශ්‍රායලයට පතිත වූ බව ද පැවැසෙයි.

මිසයිලයෙන් කොටසක් උඩු ගුවනේ දී විනාශ කිරීමට ඊශ්‍රායල ගුවන් ආරක්ෂක පද්ධතිය සමත් වුණු බව ද විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.


RECOMMEND POSTS