රොබෝ කරපු හදවත් සැත්කම



සෞදියේ 16 හැවිරිදි දරුවකුට හදවත් සැත්කමක් සිදු කෙරුණි. 'කිංග් ෆයිසාල්' රෝහලේ සිදු කළ මෙම සැත්කමෙහි ඇති විශේෂත්වය වන්නේ එය වෛද්‍යවරුන් විසින් කළ සැත්කමක් නොවීමය.

සැත්කම සිදු කළේ වෛද්‍ය අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වුණු රොබෝ යන්ත්‍රයකි.

රොබෝවකු සම්බන්ධ වී මේ අයුරින් සංකීර්ණ හදවත් සැත්කමක් සිදු කළ පළමු අවස්ථාව මෙය යැයි පැවැසෙයි.

සැත්කමට ලක්වුණු 16 හැවිරිදි දරුවා හෘද රෝගියෙකි.

වෛද්‍යවරුන් දින 3 ක කාලයක් තිස්සේ 7 සැරයක්, මෙම රොබෝට එම සැත්කම සදහා පුහුණුව ලබා දී පසුව සැත්කම සිදු කළ බවත්, එය ඉතාමත් නිවැරදි සහ සාර්ථක එකක් වූ බවත් විදෙස් මාධ්‍ය පවසයි. සෞදි අරාබිය වෛද්‍ය ක්ෂේත්‍රය අතින් ලොව ඉදිරියෙන්ම සිටින රටකි.


RECOMMEND POSTS