අගමැති ඇඟිලි සලකුණු ලියාපදිංචි කරලා



කුවේට් අග්‍රාමාත්‍ය, ෂීක් අහමඩ් අබ්දුල්ලා අල් අහ්මඩ් අල්-සබා ඇඟිලි සලකුණු ලියාපදිංචි කරගෙන ඇති බව වාර්තා වේ.

ජෛවමිතික ඇඟිලි සලකුණු(Biometric Fingerprints) ලියාපදිංචි කිරීමේ වැඩසටහනේ පළමු පියවර ලෙස අත්‍රාමාත්‍යවරයා සිය ඇඟිලි සලකුණු ලියාපදිංචි කිරීමට කටයුතු කර ඇත.

පළමු නියෝජ්‍ය අගමැති, අභ්‍යන්තර කටයුතු අමාත්‍ය සහ ආරක්ෂක අමාත්‍ය, ෂෙයික් ෆාහාඩ් යූසෙෆ් සවුද් අල්සබා එම අවස්ථාවට සහභාගි විය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDNOnline - කුවේට් නගරය)

RECOMMEND POSTS