එකම තැන අනතුරු දෙකක්



අබුඩාබි නුවර ප්‍රධාන මාර්ගයක් මැද අත්තනෝමතික ලෙස මෝටර් රථයක් නතර කිරීම නිසා රථවාහන අනතුරු දෙකක් සිදු වී ඇති බව වාර්තා වේ.

පළමු මෝටර් රථයේ රියදුරුවාහනය පාර මැද නවත්වා, වාහනයේ දොර විවෘත කර පිටව යන අයුරු ආරක්ෂිත කැමරාවල සටහන් වී ඇත.

පිටුපසින් පැමිණිදෙවන මෝටර් රථය වේගය අඩු කර එහි ආරක්ෂිත ලාම්පු ක්‍රියාත්මක කර තිබියදීතුන්වන මෝටර් රථය අධික වේගයෙන් පැමිණ මෝටර් රථ දෙකේ ගැටී ඇත.

අපරීක්ෂාකාරි අන්දමින් මෝටර් රථයක් ධාවනය කළ රියාදුරකු අනතුරට ලක්ව තිබු මෝටර් රථ තුනේ ගැටී ඇත.

මෙම අනතුරු දෙක සිදුව ඇත්තේ රාත්‍රියේ වන බවත්, අනතුරු දෙකෙන් තුවාල ලැබූ සංඛ්‍යාව තවමත් අනාවරණය වී නොමැති බව අබුඩාබිපොලීසිය ප්‍රකාශ කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDNOnline - අබුඩාබි නුවර)

RECOMMEND POSTS