බිරිඳ - නැද්දම්මා ඝාතනය කළ අයෙක් අත්අඩංගුවට



සෞදි අරාබියේ මක්කම නගරයේ පදිංචිව සිටි ඊජිප්තු ජාතිකයෙකු තම හිටපු බිරිඳට සහ නැන්දම්මාට තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර ඇති බව වාර්තා වේ.

හිටපු බිරිඳ සමඟ ප්‍රාදේශීය රෝහලක හෙදියක් ලෙස සේවය කළ සැකකරුව අත්අඩංගුවට ගෙන  නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පොලීසිය කටයුතු කර ඇත.

මෙම ඝාතනය සිදුව ඇත්තේ රෝහල් කාර්ය මණ්ඩලය සඳහා වෙන් කර ඇති නිවසක් තුළදී වන අතර, මෙම ඝාතනයත් සමඟ මක්කම වෛද්‍ය ප්‍රජාව කම්පනයට පත් ව තිබේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDNonline - මක්කම නුවර)

RECOMMEND POSTS