තවත් විකෘතියක් ’එප්සිලෝන්’



'ඩෙල්ටා' විකෘතිය ගැන අමුතුවෙන් කිසිවක් කිව යුතු වන්නේ නැහැ. ඊට හේතුව අපේ රටේ පමණක් නොවෙයි, ලොව සෑම රටකම පාහේ කොරෝනා ආසාදිතයන් ඉහළ ගොස් ඇත්තේ 'කොවිඩ් 19 ඩෙල්ටා' විකෘති ප්‍රභේදය නිසයි. 'ඩෙල්ටා' වයිරසය දෙමුහුන් වයිරස දෙකක මිශ්‍රණයකි. එපමණක් නොව, 'ඩෙල්ටා' විකෘතියේ ආරම්භය ඉන්දියාවය.

'ඇල්ෆා', 'බේටා', 'ඩෙල්ටා' ආදී වශයෙන් ග්‍රීක අකුරුවලින් කොරෝනා වයිරස විකෘති නම් කර ඇත්තේ ලෝක සෞඛ්‍ය සංවිධානය මැදිහත් වීමෙනි. ඒ, වයිරස විකෘති මුලින් හඳුනා ගන්නා රටින් එම වයිරස නම් කිරීම එම රටට අපකීර්තියක් බව පැහැදිලි කරමිනි.

දැන් තවත් අවදානය යොමු කළ යුතු, ඉක්මන් ව්‍යාප්තියක් පෙන්නුම් කරන කොරෝනා වයිරස විකෘතියක් ගැන වාර්තා වෙයි. මෙම නව විකෘතිය නම් කර ඇත්තේ 'එප්සිලෝන්' යන නමින් වන අතර, මෙම විකෘතියේ ආරම්භය පාකිස්තානයෙන් යැයි එරට පුවත් සේවා පවසයි.

'එප්සිලෝන්' විකෘතිය පාකිස්තානයෙන් හඳුනා ගැනීම සිදුවූයේ සිවුවැනි කොරෝනා රැල්ලෙන් පාකිස්තානය බැටකද්දීය. මෙම නව ප්‍රභේදයේ ආරම්භය සොයා ගැනීමට පාකිස්තාන වෛද්‍ය පරීක්ෂකයන් සමත් වී ඇති අතර ඔවුන් පවසන ආකාරයට 'එප්සිලෝන්' විකෘතියේ ආරම්භය ලාහෝර් නුවරිනි.

'එප්සිලෝන්' සම්බන්ධයෙන් නිර්මාණය වී ඇති ගැටලුව නම්, එය එන්නත්වලින් අඩපණ කිරීමට නොහැකි බව යැයි පාකිස්තාන සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ බිය පළ කරමිනි.

'එප්සිලොන්' විකෘතිය ඩෙල්ටා සේම, ඇතැම්විට 'ඩෙල්ටා' ට වඩා වේගයෙන් මෙන්ම බිහිසුණු ආකාරයට ව්‍යාප්ත වෙනවා විය හැකි යැයි ද සෞඛ්‍ය අංශ අනතුරු අඟවා ඇත.

'එප්සිලෝන්' වයිරස විකෘතිය පළමුවෙන් පාකිස්තානයේ ලාහෝර් නුවරින් හමුවුණු බව පාකිස්තාන වෛද්‍ය පර්යේෂකයන් පැවැසුවත්, 2020 වසරේ ඇමෙරිකාවේ කැලිෆෝනියාවෙන් ද මෙම විකෘතිය සොයා ගත් අවස්ථාවක් ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

'එප්සිලෝන්' වයිරස නිල වශයෙන් හැඳින්වෙන්නේ B.1.429  සහ CAL.20C යනුවෙනි.

'එප්සිලෝන්' වයිරස විකෘතිය නිර්මාණය වී ඇත්තේ වයිරස විකෘති පහක් මුසුවීමෙන් යැයි පැවැසෙයි.

ප්‍රතිශක්තිකරණ එන්නත්වලට ප්‍රතිරෝධයක් දක්වන 'එප්සිලෝන්' විකෘතිය අනෙක් විකෘතිවලට වඩා විසි ගුණයක ව්‍යාප්තවීමේ වේගයක් පෙන්නුම් කරන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පැහැදිලි කර ඇත.

ග්‍රීක හෝඩිය අකුරු 24 කින් සමන්විතය.

ඇල්ෆා, බේටා, ගැමා, ඩෙල්ටා, එප්සිලෝන්, සේටා, ඒටා, තේටා, අයෝටා, කැපා, ලැම්බ්ඩා, මියු, නියු, එක්ස්ආයි, ඔමික්‍රෝන්, පායි, රෝහ්, සිග්මා, ටාඌ, යූප්සලෝන්, ෆායි, චී, සයි සහ ඔමේගා යනු පිළිවෙළින් එම අකුරු 24 ය.

(පාකිස්තාන පුවත් සේවා)


RECOMMEND POSTS