ජෝර්දාන කුමරු විවාහ ගිවිස ගනී



ජෝර්දානයේ ඔටුන්න හිමි කුමරු විවාහ ගිවිස ගෙන ඇති බව වාර්තා වේ.

සෞදි ජාතික කාන්තාවක වන, රාජ්වා කාලීඩ් බින් මුසෙඩ් බින් සයිෆ් බින් අබ්දුල්ලාසීස් අල් සයිෆ් සමඟ ඔටුන්න හිමි කුමරු, අල් හුසේන් බින් අබ්දුල්ලා විවාහ ගිවිස ගෙන ඇත.

ජෝර්දානයේ අබ්දුල්ලා රජු, රානියා අල් අබ්දුල්ලා රැජින සහ මනාලියගේ පවුලේ අය ඉදිරියේ රියාද් නුවරදී විවාහ ගිවිස ගැනීමේ උත්සවය පැවැත්විණි.

විවාහ ගිවිස ගැනීම ජෝර්දාන් රාජකීය අධිකරණය නිවේදනය කළේ ය.  

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN Online අම්මාන් නුවර)

RECOMMEND POSTS