සෞදිය ආහාර මලු බෙදයි



සෞදි අරාබිය කොසොවෝ රාජ්‍යයේ සිටින ඉස්ලාමීය ප්‍රජාවට ලබාදීම සඳහා ආහාර මලු 350ක් යවා ඇති බව වාර්තා වේ.

සල්මාන් රජු මානුෂීය ආධාර සහ සහන මධ්‍යස්ථානය කොසෝවෝ හි Hani i Elezit මහ නගර සභාවේ පවුල් 350 කට ආහාර මලු බෙදා දීමට කටයුතු කර ඇත.

ආහාර මලු බෙදාදීමේ කටයුතු කොසෝවෝ හි ඉස්ලාමීය ප්‍රජාව සමඟ සහයෝගයෙන් සිදුකරන අතර,  පුද්ගලයන් 1,750 දෙනෙකුට ප්‍රතිලාභ සැලසෙයි.

ශුද්ධ වූ රමදාන් මාසය තුළ ලොව පුරා විවිධ රටවල අත්‍යවශ්‍ය ආහාර අවශ්‍යතා සපුරාලීම සඳහා සල්මාන් රජු මානුෂීය ආධාර සහ සහන මධ්‍යස්ථානය විසින් ආරම්භ කරන ලද 2024 වර්ෂය සඳහා වන "Etaam" ආහාර මලු ව්‍යාපෘතියේ තුන්වන අදියරෙහි කොටසකි.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN Online - රියාද් නුවර)

RECOMMEND POSTS