හවුති සටන්කාමීන්ට උදවු කළොත් බලාගෙනයි



යේමනයේ ෂියා මුස්ලිම් හවුති සටන්කාමීන්ට, සහාය ලබා දීමෙන් වැළැකී සිටින්නැයි ඇමෙරිකාව ඉරානයට අනතුරු අඟවා තිබේ.

යේමනයේ ෂියා මුස්ලිම් හවුති සටන්කාමීන්ට සහාය ලබා දෙන්නේත්, අවි ආයුධ සහ අවි පුහුණුව ලබා දෙන්නේත් ඉරානයයි. ඉරානය ලොව එකම ෂියා මුස්ලිම් රාජ්‍යය ද වෙයි.

මේ වනවිට ඇමෙරිකාවත්, මහා බ්‍රිතාන්‍යයත් එක් වී, යේමනයේ හවුති සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ගුවන් ප්‍රහාර එල්ල කරයි. ඒ, හවුති සටන්කාමීන් අඩපණ කර දැමීමේ අරමුණින්ය.

ඇමෙරිකාව සහ මහා බ්‍රිතාන්‍යය හවුති සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් පහර දෙන්නේ, යේමන හමාස් යුද්ධයේ දී ගාසා තීරයේ පලස්තීන සිවිල් වැසියන් මියයෑම සම්බන්ධයෙන්, ඊට විරෝධය පළ කරමින්, යේමන සටන්කාමීන්, රතු මුහුදේ වෙළෙඳ නාවික කටයුතුවලට බාධා කරයි.

ඒ, වෙළෙඳ නැව්වලට පහර දෙමින් සහ ඒවා ග්‍රහණයට ගනිමිනි. යේමන සටන්කාමීන්ගේ ග්‍රහණයට ලක් වී ඇත්තේ, ඊශ්‍රායල වෙළෙඳ නෞකාය.

රතු මුහුදේ නාවික කටයුතුවලට බාධා කිරීමෙන් වළකින්නැයි එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය අවස්ථා කීපයකදී, හවුති සටන්කාමීන්ට පවසා තිබේ. එහෙත්, හවුති සටන්කාමීන් එය ගණනකට ගෙන නැත. ඇමෙරිකාව, බ්‍රිතාන්‍යය සමඟ එක් වී, යේමනයේ හවුති ඉලක්කවලට ගුවන්  ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කළේ ඒ අනුවය.


RECOMMEND POSTS