හවුති සටන්කාමීන් යුද අභ්‍යාසයක



ඇමෙරිකාව ප්‍රමුඛ මිත්‍ර හමුදා පසුගියදා එල්ල කළ ප්‍රහාර වලට ප්‍රතිචාර දක්වමින් හවුති සටන්කාමීන් සෞදි අරාබිය ආසන්නයේ සාදා පළාතේ යුද අභ්‍යාසයක නිරත වූ බව අල් - මසීරා නාලිකාව වාර්තා කළේය.

එම යුද අභ්‍යාසයේදී යුද ටැංකි, කාලතුවක්කු, ඩ්‍රෝන යානා සහ තවත් ආයුධ යොදා ගනිමින් ඊශ්‍රායල ධජය සහිත ඉලක්කවලට පහරදුන් බව අල් - මසීරා නාලිකාව පැවැසුවේය.හවුති සටන්කාමීන් ඇමෙරිකාව ඇතුළු සතුරන් සමඟ සටන්වැදීමට සූදානම් කරවීම සඳහා මෙම යුද අභ්‍යාසය ආරම්භ කළ බව එම සංවිධානයේ අණදෙන නිලධාරීන් ප්‍රකාශ කළ බව අල් - මසීරා නාලිකාව වාර්තා කළේය.

හවුති සටන්කාමීන් සෞදි අරාබිය සමඟ යුද්ධයක් ආරම්භ කිරීමට ප්‍රථම 2015 වසරේදීද මෙවැනිම යුද අභ්‍යාසයක නිරතවී ඇත.හවුති කැරැලිකරුවන්ට සහාය  දීම සම්බන්ධයෙන් ඉරානයට ඇමෙරිකාව පුද්ගලිකව අනතුරු අඟවා ඇතැයි ඉන්ඩිපෙන්ඩන්ට් පුවත්පත පසුගියදා වාර්තා කළේය .එම අනතුරු ඇඟවීමත් සමඟ හවුති ප්‍රහාර තවත් වැඩිවනු ඇතැයි අපේක්ෂා කරන බවද එම පුවත්පත පවසයි.

රතු මුහුදේ නෞකා ආරක්ෂා කරන බවට ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ප්‍රතිඥාවක්ද ලබාදී ඇතැයි ඉන්ඩිපෙන්ඩන්ට් පුවත්පත වාර්තා කර ඇත. ඉරානයට පුද්ගලිකව පණිවුඩයක් දුන් බවත් ඇමෙරිකාව සම්පුර්ණයෙන්ම ඒ සඳහා සූදානම් බවත් ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් මාධ්‍යවලට ප්‍රකාශ කළේය.නමුත් එලෙස ලබා දුන් පණිවුඩය කුමක්දැයි ජනාධිපතිවරයා පැවැසුවේ නැත.


RECOMMEND POSTS