හමාස් නායකයා සටන් විරාමයකට උනන්දුයි



නව සටන් විරාමයක් ආරම්භ කිරීම සම්බන්ධයෙන් තමන් උනන්දුවක් දක්වන බව ගාසා තීරයේ හමාස් නායක ඉස්මායිල් හනියේ පවසයි.

හමාස් නායකයා මෙසේ පැවැසුවේ, මේ වනවිටත් කටාර් රාජ්‍යයේ මැදිහත් වීමෙන් ඊශ්‍රායල රජයේ නියෝජිතයන් සහ හමාස් නියෝජිතයන් අතරේ සටන් විරාමයක් සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වෙද්දීය.

ඊශ්‍රායල හමාස් අර්බුදයට කටාර් රාජ්‍යය මැදිහත් වී සිටින්නේ ඊජිප්තුව සහ ඇමෙරිකාව ද හවුල් කර ගනිමිනි. එම සාකච්ඡා සඳහා තමන්ට ද ඇරැයුම් කර ඇති බවත්, තම නියෝජිතයන් කණ්ඩායම සමඟ තමන් ද ඊට සහභාගී වන බවත් හමාස් නායකයා මාධ්‍ය හමුවේ පැහැදිලි කළේය.

තමන් සටන් විරාමයකට උනන්දු, ස්ථිරසාර සටන් විරාමයක් ඇති කිරීමටත්, ගාසා තීරයේ සිටින ඊශ්‍රායල හමුදා ගාසා තීරයෙන් ඉවත් කර ගැනීමට යැයි හමාස් නායකයා මාධ්‍ය හමුවේ දී වැඩි දුරටත් පැහැදිලි කර ඇත.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS