හමාස් නායකයා ඉරානයට



හමාස් නායක ඉස්මයිල් හනියේ ඉරානයේ තෙහෙරාන් අගනුවරට පැමිණියේය. ඒ, ඊශ්‍රායල හමාස් අර්බුදය සම්බන්ධයෙන් ඉරාන නියෝජිතයන් හමුවී සාකච්ඡා පැවැත්වීමේ අරමුණින්ය.

ඊශ්‍රායල හමාස් ගැටුම ආරම්භ වූයේ පසුගිය වසරේ ඔක්තෝබර් 7 වැනිදා, හමාස් සටන්කාමීන්, ඊශ්‍රායලයට කඩා වැදී කළ පහරදීමෙන් පසුවය. ඊශ්‍රායලය පෙරළා ගාසා තීරයේ හමාස් සාමාජිකයන්ට පහර දෙන්නේ ඔවුන් මුලිනුපුටා දැමීමේ අරමුණින්ය.

ඊශ්‍රායල හමාස් ගැටුම ආරම්භ වීමෙන් පසු හමාස් නායකයා ඉරානයට පැමිණි දෙවැනි අවස්ථාව මෙය යැයි ද පැවැසෙයි.

 (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS