සෞදියට වෘත්තිමය බේස්බෝල් ක්‍රීඩාව



සෞදි අරාබියට වෘත්තිමය බේස්බෝල් ක්‍රීඩාව හඳුන්වාදීමට කටයුතු කරන බව වාර්තා වේ.

 “බේස්බෝල් යුනයිටඩ්“ සංගමය සිය වෘත්තීය ලීග් තරඟාවලිය සෞදි අරාබිය තුළ පැවැත්වීම සඳහා ගිවිසුමක් අත්සන් කර ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.

මෙම ගිවිසුම අනුව, වැඩි තරඟ සංඛ්‍යාවක් සෞදි අරාබිය තුළ පැවැත්වීමට අවස්ථාව හිමි වෙයි.

සෞදි අරාබියේ විශාලතම නගර තුන වන රියාද්, ජෙඩා සහ දම්මාම්  යන නගරවල බේස්බෝල් යුනයිටඩ් සංගමයේ සේවා කටයුතු පවත්වා ගෙන යෑම සඳහාද අවස්ථාව උදා වේ.

සෞදි අරාබිය තුළ මෙන්ම ඉන් ඔබ්බට ක්‍රීඩා දියුණු කිරීමේ වැඩ සටහනට බේස්බෝල් ක්‍රීඩාව ඇතුලත් කිරීම ගෞරවයට පාත්‍ර විය යුතු කරුණක් බව බේස්බෝල් යුනයිටඩ් සංගමයේ ප්‍රධාන විධායක නිලධාරී, කෂ් ෂෙයික් රොයිටර් පුවත් සේවයට පැවසීය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN Online - රියාද් නුවර)

RECOMMEND POSTS