සෞදි - ඉරාන විදේශ ඇමතිවරු සාකච්ඡාවක



සෞදි විදේශ ඇමති, ෆයිසාල් බින් ෆර්හාන් කුමරු ඉරාන විදේශ ඇමති, හොසේන් අමීර්-අබ්දුල්ලාහියන් සමඟ සාකච්ඡා කර ඇති බව වාර්තා වේ.

මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනයේ 75 වැනි සංවත්සරය සැමරීමේ ඉහළ මට්ටමේ උත්සවයට ජිනිවා නුවරට පැමිණ අවස්ථාවේදි විදේශ කටයුතු ඇමතිවරුන් දෙදෙනා මුණගැසී සාකච්ඡා කර ඇත.

ගාසා තීරයේ වර්තමාන තත්ත්වය, සටන් විරාමයක් සාක්ෂාත් කර ගැනීම සහ සිවිල් වැසියන් ආරක්ෂා කිරීම සඳහා ජාත්‍යන්තර ප්‍රජාව සිය කාර්යභාරය ඉටු කිරීමේ වැදගත්කම පිළිබඳව දෙපාර්ශවය සාකච්ඡා කර ඇත.

මෙම හමුවට විදේශ කටයුතු අමාත්‍යවරයාගේ කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් අබ්දුල්රහ්මන් අල්-ඩාවුඩ් ද සහභාගී විය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(Arabnews රියාද් නුවර)

RECOMMEND POSTS