සතියක් තුළ 18,538ක් අත්අඩංගුවට



සෞදි ආරක්ෂක අංශ සතියක් තුළ පුද්ගලයින් 18,538 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

නේවාසික, රැකියා සහ දේශසීමා ආරක්ෂක රෙගුලාසි කඩ කිරීම සම්බන්ධයෙන් මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත.

නේවාසික නීති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 11,047 දෙනෙකුද,නීති විරෝධී දේශසීමා තරණය කිරීමේ උත්සාහයන් සම්බන්ධයෙන් 4,299 ක් සහ කම්කරු ගැටළු සම්බන්ධයෙන් 3,192 ක් අත්අඩංගුවට ගෙන ඇත.

සෞදි අරාබියට නීතිවිරෝධී ලෙස ඇතුළුවීමට ප්‍රවාහන සහ නවාතැන් පහසුකම් සපයන ඕනෑම අයෙකුට උපරිම වශයෙන් වසර 15 ක සිරදඬුවමක්, සෞදි රියාල් මිලියනයක් (ඩොලර් 260,000) දක්වා දඩයක් මෙන්ම වාහන සහ දේපලරාජසන්තක කළ හැකි බවසෞදි අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ArabNews- රියාද් නුවර)

RECOMMEND POSTS