සටන්කාමීන් මර්දනයට ඇමෙරිකාව චීන සහාය ඉල්ලයි



යේමනයේ ක්‍රියාත්මක, රතු මුහුදේ නාවික කටයුතුවලට බාධා කරන, ෂියා මුස්ලිම් හවුති සටන්කාමීන් මර්දනයට, ඇමෙරිකාව, චීනයේ සහාය ඉල්ලා ඇතැයි ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කරයි.

යේමනයේ හවුති සටන්කාමීන්, ඉරානයේ සහාය ලබන සන්නද්ධ කණ්ඩායමකි. මොවුන් රතු මුහුදේ නාවික කටයුතු අඩපණ කිරීමට පහර දෙයි. ඒ, ඊශ්‍රායලය, ගාසා තීරයේ හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් එල්ල කරන ප්‍රහාර හේතුවෙන් පලස්තීන සිවිල් වැසියන් මියයෑමට විරෝධය දක්වමිනි. ගෝලීය නාවික කටයුතුවලින් සියයට 13 ක ප්‍රතිශතයක් සිදුවන්නේ රතු මුහුද හරහාය.

මේ වනවිට ඇමෙරිකාව, බ්‍රිතාන්‍යය ද හවුල් කර ගනිමින්, යේමනයේ හවුති ඉලක්කවලට පහර දෙයි. හවුති සටන්කාමීන් මර්දනයට ඇමෙරිකාව චීනයෙන් උදවු ඉල්ලා ඇත්තේ චීනය ඉරානයේ සමීපතම මිතුරකු වන බැවිනි. ඇමෙරිකාව සහ ඉරානය අතරේ විරසකයක් පවතින බැවින්, ඇමෙරිකාව මෙසේ චීනයේ සහාය ඉල්ලන බව ද පැවැසෙයි.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS