සංක්‍රමණිකයෝ 60 ක් මූදට බිලි වෙති



මධ්‍යධරණී මුහුදේ යාත්‍රා කරමින් තිබූ අනවසර සංක්‍රමණික යාත්‍රාවක් ගිලී යෑමෙන් 60 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. මුහුදේ ගිලී ගියේ, ලිබියාවේ සිට යුරෝපය බලා යාත්‍රා කරමින් සිටි අනවසර සරණාගතයින් රැගත් බෝට්ටුවකි.

අනවසර සංක්‍රමණිකයන් රැගත් මෙම බෝට්ටුව, ඉතාලිය හෝ මෝල්ටාව හෝ බලා යාත්‍රා කරමින් තිබෙන්න ඇතැයි ඉතාලි වෙරළාරක්ෂකයෝ කියති. 

බෝට්ටුව ගිලී යෑමෙන් පසු මුහුදේ අතරමංව සිටි 25 දෙනකු මුදා ගැනීමට ද ඉතාලි වෙරළාරක්ෂකයෝ සමත් වූහ. බේරාගත් පිරිස වෛද්‍ය උපකාර සඳහා යොමු කෙරුණි.


RECOMMEND POSTS