වාර්ෂික සෞදි මාධ්‍ය සමුළුව අවසන්



සෞදි අරාබියේ පැවති වාර්ෂික සෞදි මාධ්‍ය සමුළුව අවසන් වී ඇති බව වාර්තා වේ.

සෞදි මාධ්‍යවේදීන්ගේ සංගමය විසින් සෞදි විකාශන අධිකාරියේ සහයෝගය ඇතිව සංවිධානය කරන ලද තුන්වන වාර්ෂික සෞදි මාධ්‍ය සමුළුව අවසන්  වූ බව සෞදි ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කළේ ය.

ජනමාධ්‍ය මාධ්‍ය අමාත්‍ය සල්මාන් බින් යූසෙෆ් අල්-දෝසාරි තුන්වන සෞදි මාධ්‍ය සමුළුවට සහභාගී වූ අතර, සෞදි අරාබියේ සහ ඉන් පිටත මාධ්‍ය වෘත්තිකයන් විශාල සංඛ්‍යාවක් සමුළුවට සහභාගී වූ බව සෞදි ප්‍රවෘත්ති ඒජන්සිය වැඩිදුරටත්  වාර්තා කළේ ය.

"ලෝකයේ මාධ්‍ය හැඩගැස්වීම" යන තේමාව යටතේ විශේෂ වැඩමුළු 60කට අධික සංඛ්‍යාවක් ඇතුළත් වූ අතර, අමාත්‍යවරුන්, නිලධාරීන්, ප්‍රවීණයන්, විශේෂඥයින් සහ විශ්ලේෂකයින් ඇතුළු කථිකයන් 150ක් පමණ ජාත්‍යන්තර මාධ්‍ය ක්ෂේත්‍රයේ නවතම වර්ධනයන් එහි මුද්‍රිත, දෘශ්‍ය, ශ්‍රව්‍ය සහ ඩිජිටල් ආකාරවලින් සහ වඩාත් ප්‍රමුඛ දේශීය හා ජාත්‍යන්තර අත්දැකීම් හුවමාරු කරගෙන ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(DGN online - රියාද් නුවර)

RECOMMEND POSTS