යුරෝපා ඩිජිටල් සහතික පද්ධතියට එක් කරයි



එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය යුරෝපා සංගමයේ ඩිජිටල් කොවිඩ්-19 සහතික පද්ධතියට එක් කර ඇති බව වාර්තා වේ.

එන්නත් ලබා ගෙන ඇති එමිරේට්ස් ජාතිකයින්ට සහ එහි පදිංචිකරුවන්ට යුරෝපා සංගමයේ සාමාජික රටවලට ගමන් කිරීමට මෙමඟින් අවස්ථාව හිමි වෙයි .

එන්නත් කරන ලද එමිරේට්ස් ජාතිකයින්ට සහ එහි පදිංචිකරුවන්ට “EU Digital Pass“ භාවිතා කරන ආකාරයටම “Al Hosn“ ජංගම මෘදුකාංගය භාවිතා කළ හැකි බව එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ සිටින යුරෝපා සංගම් නියෝජිත කණ්ඩායමේ නිලධාරියෙකු ප්‍රකාශ කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්,  ඩුබායි නුවර)


RECOMMEND POSTS