බයිඩන්ගෙන් චෝදනා



හමාස් සමඟ පවතින යුද්ධය මධ්‍යයේ ගාසා තීරයේ සිවිල් වැසියන්ට සිදුවන හානිය නොසලකා හැරීමෙන් ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ඊශ්‍රායලයට යහපතට වඩා හානියක් සිදු කරන බව ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් චෝදනා නගයි.

කෙසේ නමුත් ඇමෙරිකාව ඊශ්‍රායලයට ලබා දෙන සහාය නවත්වන බව ඉන් අදහස් නොවන බව ද ඇමෙරිකානු ජනාධිපතිවරයා අවධාරණය කළේය.

මේ දක්වා ඊශ්‍රායල හමුදා ප්‍රහාර හමුවේ පලස්තීන වැසියන් 30,960 මියගොස් තවත් 72,524 තුවාල ලබා ඇතැයි පලස්තීන සෞඛ්‍ය අමාත්‍යංශය ප්‍රකාශ කළේය.


RECOMMEND POSTS