පොලීසියට වෙඩි තැබු 11ක් මරුට



ගිනිකොන දිග ඉරානයේ පොලිස් ස්ථානයකට රාත්‍රී කාලයේ ප්‍රහාරයක් එල්ල වී ඇති බව වාර්තා වේ.

ප්‍රහාරය එල්ල කිරීමට පැමිණි බෙදුම්වාදී කල්ලියකට අයත් බවට සැක කෙරෙන සාමාජිකයින් 11 දෙනෙකු මිය ගොස් තවත් කිහිප දෙනෙකු තුවාල ලබා ඇති බව රාජ්‍ය රූපවාහිනිය විකශනය කළේ ය.

ටෙහෙරානයේ සිට කිලෝමීටර් 1,400ක් (සැතපුම් 875ක්) නිරිත දෙසින් පිහිටි රාස්ක් නගරයේ පොලිස් ස්ථානයට අලුයම 2 ට පමණ ප්‍රහාරය එල්ල වී ඇති බවත්, ප්‍රහාරයෙන් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් සහ සොල්දාදුවන් කිහිපදෙනෙකු මියගිය බව බලුකිස්තාන් ප්‍රාන්තයේ සහ සිස්ටන් හි නියෝජ්‍ය ආණ්ඩුකාර, අලි රේසා මර්හේමති ප්‍රකාශ කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(Arabnews ටෙහෙරාන් නුවර)

RECOMMEND POSTS