පොදු ආයතනවලට ඇතුළුවීම තහනම්



සෞදි අරාබියේ කොවිඩ්-19 එන්නත ලබානොගත් පුද්ගලයන්ට පොදු ආයතනවලට ඇතුළුවීම තහනම් කරන බව වාර්තා වේ.

2021 අගෝස්තු 01 දින සිට අදාල තහනම ක්‍රියාත්මක කරන බව නාගරික හා ග්‍රාමීය කටයුතු අමාත්‍යාංශය නිවේදනය කර ඇත.
පොදු ආයතනවලට ඇතුළු වන අවස්ථාවේදි කොවිඩි-19 එන්නත ලබාගෙන ඇති බවට සාක්ෂි ඉදිරිපත් කළ යුතු ය.

ඒ අනුව, කොවිඩි-19 එන්නත ලබා නොගත් පුද්ගලයන්ට සාප්පු සංකීර්ණ, ආපනශාලා, කැෆේ, බාබර් සාප්පු, රූපලාවණ්‍යාගාර, විවාහ මංගල්‍ය සහ සාද ශාලාවලට සහාභාගි වීමට අවස්ථා හිමි නොවේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)

 


RECOMMEND POSTS