පලස්තීනයට නව අගමැතිවරයෙක්



පලස්තීන පාලන අධිකාරියේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස මොහම්මද් මුස්තාෆා පත් කිරීමට, පලස්තීන ජනාධිපති මොහොමඞ් අබ්බාස් කටයුතු කළේය. ඒ අනුව, පලස්තීන පාලන අධිකාරියට නව රජයක් පිහිටුවීමේ වගකීම මොහම්මද් මුස්තාෆා කරපිට පැටවෙනු ඇත.

69 හැවිරිදි මොහම්මද් මුස්තාෆා, පලස්තීන ජනාධිපති මොහොමඩ් අබ්බාස්ගේ දීර්ඝකාලීන උපදේශකවරයාය. මොහම්මද් මුස්තාෆා අග්‍රාමාත්‍ය ධුරයට පත් කිරීම සිදුවූයේ, එම ධුරයේ කටයුතු කළ මොහොමඞ් ෂට්යාහ් ධුරයෙන් බවත් වීම සහ ෂට්යාහ්ගේ රජය විසුරුවා හැරීම සමඟය.

ගාසා තීරයට දිගින් දිගටම ඊශ්‍රායලය එල්ල කරන ප්‍රහාර හමුවේ, පලස්තීන සිවිල් වැසියන් මියයෑම සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීමට නව රජයක් අවශ්‍ය යැයි පෙන්වා දෙමින්, ෂට්යාහ් සිය ධුරයෙන් ඉවත් විය. ඒ අනුව ඊශ්‍රායල හමාස් අර්බුදයට මුහුණ දිය හැකි ආකාරයේ රජයක් ස්ථාපිත කිරීම නව අග්‍රාමාත්‍ය මොහම්මද් මුස්තාෆා ට සිදුවනු ඇත.

 (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS