නේටෝ සාමාජිකත්වය දෙනවාට විරුද්ධයි
ෆින්ලන්තය සහ ස්වීඩනයට 'නේටෝ' සාමාජිකත්වය ලබාදීම සම්බන්ධයෙන් තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන් සිය විරෝධය පළ කර තිබේ.
ෆින්ලන්තය සහ ස්වීඩනය 'නේටෝ' හෙවත් උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානයේ සාමාජිකත්වය ඉල්ලා ඇත්තේ රුසියාව යුක්රේනය ආක්රමණය කිරීම සහ රුසියාවෙන් එම රටවලට එල්ල වී ඇති තර්ජන හේතුවෙනි.
ෆින්ලන්තයට සහ ස්වීඩනයට 'නේටෝ' සාමාජිකත්වය ලබා දීමට තමන් කැමැති බව 'නේටෝ' සංවිධානය පවසා තිබේ. තුර්කිය ද නේටෝ සාමාජිකයෙකි.
තුර්කි ජනාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ, ෆින්ලන්තයට සහ ස්වීඩනයට 'නේටෝ' සාමාජිකත්වය ලබා දීම පවතින අර්බුදකාරී තත්ත්වය තවත් උත්සන්න කිරීමට හේතුවක් වනු ඇති බවය.
(අල් ජසීරා)