නගරසභා මැතිවරණයෙන් දක්ෂිණාංශික පක්ෂ ජය ගනී



ඊශ්‍රායල නගර සභා මැතිවරණය පැවැත්වුණු අතර, අන්ත දක්ෂිණාංශික සහ අන්ත සියොන්වාදී දේශපාලන පක්ෂ එය ජයග්‍රහණය කළ බව ඊශ්‍රායල මාධ්‍ය පවසයි.

ඊශ්‍රායල නගර සභා මැතිවරණය පසුගිය 28 වැනිදා පැවැත්විණි. ඒ අවස්ථා දෙකකදී කල් දැමීමෙන් පසුවය.

මැතිවරණයෙන් ජයග්‍රහණය කළේ අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහුට පක්ෂ දේශපාලන කණ්ඩයාම්ය. නගරසභා මැතිවරණය කල් දැමුණේ ඊශ්‍රායලය සහ හමාස් සටන්කාමීන් අතර පවතින ගැටුම් හේතුවෙනි.

මිලියන 7 කට වැඩි පිරිසක් ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටියහ. ඊශ්‍රායලයේත්, බටහිර ඉවුරේ සහ ගෝලාන් කඳුකරයේත් ඊශ්‍රායල බල ප්‍රදේශවල මැතිවරණ කටයුතු පැවැත්විණි.

ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ට එරෙහිව යුද වදින සොල්දාදුවන් සියලු දෙනා පසුගිය සති අන්තයේ ඔවුන්ගේ ඡන්දය ප්‍රකාශ කළ බව ද පැවැසෙයි. ඒ ඔවුන් වෙනුවෙන් පිහිටුවූ විශේෂිත ඡන්ද පොළවලදීය.

(අල් ජසීරා)


RECOMMEND POSTS