ගාසා වැසියෝ රාමසාන් සමරති



ඊශ්‍රායල ප්‍රහාර හමුවේඋන්හිටිතැන් අහිමි, ආහාර සහ පානීය ජලය නොමැතිව පීඩාවට පත්වුණු ගාසා තීරයේ මුස්ලිම් පලස්තීන වැසියන් රාමදාන් සමරන බව පලස්තීන විදේශ කටයුතු අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

රාමසාන් මාසය අද (10) ආරම්භ වෙයි.

 ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ මුස්ලිම් පල්ලි සියල්ල විනාශ වී ඇති බැවින්, රාමදාන් වෙනුවෙන් එම පල්ලිවල කිසිදු දේව මෙහෙයක් පැවැත්වීමට පවා නොහැකි තත්ත්වයක් උදා වී ඇතැයි පලස්තීන විදේශ කටයුතු අමත්‍යාංශය වැඩි දුරටත් පවසා තිබේ.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS