ගාසා දරුවන්ට මන්ද පෝෂණය



උතුරු ගාසා තීරයේ වයස අවුරුදු 2 කට අඩු ළමුන් තුන් දෙනෙකුගෙන් එක් අයෙක් උග්‍ර මන්ද පෝෂණයෙන් පෙළෙන බව ගාසා තීරයේ ක්‍රියාත්මක වන ප්‍රධාන එක්සත් ජාතීන්ගේ නියෝජිතායතනය ප්‍රකාශ කළේය.

ඉක්මනින් ක්‍රියාත්මක නොවූවොත් ගාසා තීරයේ සාගත තත්ත්වයක් ඇති විය හැකි බව එම නියෝජිතායතනය පෙන්වා දුන්නේය.ළමා මන්දපෝෂණ තත්ත්වය සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බවත් ගාසා තීරයේ ළමා මන්දපෝෂණ තත්ත්වය පාලනය කළ නොහැකි මට්ටමකට ළඟා වෙමින් පවතින බවත් නියෝජිතායතනය ප්‍රකාශ කළේය.

හමාස් සංවිධානය ඔක්තෝබර් 7 වැනිදා ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයත් සමඟ ඇරඹි ඊශ්‍රායල - හමාස් යුද්ධය හේතුවෙන් මේ වන විට මිලියන 2.3 ක පලස්තීන ජනතාවක් අවතැන් වී ඇති බවත් ගාසා තීරයේ මානුෂීය ඛේදවාචකයක් ඇති වී තිබෙන බවත් එම නියෝජිතායතනය පැවැසුවේය.

ජාත්‍යන්තර ආහාර සුරක්ෂිතතාව මැනීමේ ඒකාබද්ධ ආහාර සුරක්ෂිතතා අදියර වර්ගීකරණයට ගාසා තීරයේ සාගතයක් ඇති බවට ප්‍රකාශයට පත් කිරීමට ගාසා තිරයේ ජනතාවගෙන් සියයට 20 ක් දැඩි උග්‍ර ආහාර හිඟයකින් පෙළිය යුතු බවත් මේ වනවිට ගාසා තීරයේ දරුවන් තිදෙනෙකුගෙන් එක් අයෙක් උග්‍ර මන්දපෝෂණයෙන් පෙළෙද්දී දිනපතා 10000 ක් කුසගින්නෙන්, මන්දපෝෂණයෙන් හා රෝගවලින් මියයන බවත් එම නියෝජිතායතනය ප්‍රකාශ කළේය.


RECOMMEND POSTS