ගාසා තීරයේ ළමුන්ට පාද අහිමි වෙයි



ගසා තීරයේ පවතින ගැටුම් හේතුවෙන් ළමුන්ට පාද අහිමි වන බව වාර්තා වේ.

දිනකට සාමාන්‍යයෙන් ළමුන් 10 දෙනෙකුට එක් පාදයක් හෝ පාද දෙකම අහිමි වන අතර,නිර්වින්දනයකින් තොරව බොහෝ පාද  කපා ඉවත් කර ඇති බව පළස්තීන දරුවන් සුරැකීමේ සංවිධානපවසයි.

ඊශ්‍රායල්-පලස්තීන යුද්ධය හේතුවෙන් සිතාගත නොහැකි තරම් දරුවන් අන්ත අසරණ තත්ත්වයට පත් වී දුක්විදින බව CNNප්‍රවෘත්ති සේවයට අදහස් දක්වමින් පලස්තීන දරුවන් සුරැකීමේ සංවිධානයේ අධ්‍යක්ෂ, ජේසන් ලී පැවසීය.

ළමයින් ඝාතනය කිරීම, ආබාධිත තත්ත්වයට පත් වීම සහ ළමයින්ට එරෙහි සිදුවන බරපතල මානව හිමිකම් උල්ලංඝනයන් ලෙස හෙළා දැකිය යුතු බව ජේසන් ලී වැඩිදුරටත් පැවසීය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN Online - ජෙරුසලම)

RECOMMEND POSTS