ගාසා තීරයේ මරණ 25,000 පනී



හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින්, ඊශ්‍රායල හමුදාව, ගාසා තීරයට එල්ල කරන ප්‍රහාරවලින් මියගිය ගාසා වැසියන් ගණන 25,000 පසු කර ඇතැයි පලස්තීන සෞඛ්‍ය අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

ගතවුණු පැය 24 කාලයේ ද 178 දෙනකු ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් මියගිය බව ද පලස්තීන සෞඛ්‍ය අමත්‍යාංශය වැඩි දුරටත් පවසා ඇත. ප්‍රහාරවලින් මියයන වැඩි දෙනා පලස්තීන කාන්තාවන් සහ කුඩා දරුවන් බව ද පැවැසෙයි.


RECOMMEND POSTS