ගාසා තීරයේ අඩක් ඊශ්‍රායල ප්‍රහාරවලින් වැනසිලා



ඊශ්‍රායල ප්‍රහාරවලින් ගාසා තීරයේ හරි අඩක, නිවාස සහ ගොඩනැගිලි විනාශ වී ඇති බවත්, ඇතැම් නිවාස සහ ගොඩනැගිලි තිබුණු ස්ථානය පවා සොයා ගැනීමට නොහැකි බවත් විදෙස් මාධ්‍ය අනාවරණය කර ඇත. විදෙස් මාධ්‍ය මේ බව අනාවරණය කළේ ගාසා තීරයෙන් ඔවුන්ට ලැබෙන තොරතුරු පාදක කර ගනිමිනි.

ගාසා තීරය යනු වර්ග කිලෝ මීටර් 365 ක බිම් තීරුවකි. ගාසා තීරය ඊශ්‍රායලයටත්, ඊජිප්තුවටත් මායිම් වෙයි. ගාසා තීරයේ බලයේ සිටින්නේ ජනවරමකින් බලයට ආ හමාස් සංවිධානයයි.

හමාස් සංවිධානය, දේශපාලන අංශයකින් සහ සන්නද්ධ අංශයකින් සමන්විත අතර, පසුගිය ඔක්තෝබර් 7 වැනිදා ඊශ්‍රායලයට පහර දුන්නේ, එම සන්නද්ධ අංශයයි. ඊශ්‍රායල හමුදාව, හමාස් සටන්කාමීන් මුලිනුපුටා දැමීමේ අරමුණින්, ගාසා තීරයට දිගින් දිගටම පහර දෙන අතර, ගාසා තීරයේ පලස්තීන වැසියන් 26,500 කට වැඩි පිරිසකට ජීවිත අහිමි වී තිබේ. 

මේ වනවිට ගාසා තීරයේ ජීවත් වන මිලියන 1.7 කට උන්හිටිතැන් අහිමි වී ඇත. එය ප්‍රතිශතයක් ලෙස සියයට 80 කි.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS