ගාසා තීරයට වහාම සටන් විරාමයක් ඕනෑ



ගාසා තීරයට වහාම සටන් විරාමයක් අවශ්‍ය යැයි ඇමෙරිකන් උප ජනාධිපති කමලා හැරිස් අවධාරණය කරයි.

ඇමෙරිකන් උප ජනාධිපතිනිය මෙසේ අවධාරණය කළේ සටන් විරාමයකට යන්නැයි ඊශ්‍රායලයට බලපෑම් කරමිණි. ඊශ්‍රායල හමාස් අර්බුදයේ දී සටන් විමාරයකට යන්නැයි ඇමෙරිකන් උප ජනාධිපතිනිය ඊශ්‍රායලයට බල කළ පළමු අවස්ථාව මෙය යැයි ද පැවැසෙයි.

‘ගාසා තීරයේ පලස්තීන සිවිල් වැසියන් මියයනවා. කාන්තාවන් කුඩා දරුවන් මියයනවා. ඒක කිසිසේත් සාධාරණීකරණය කරන්න බැහැ. ගාසා තීරයේ සති හයකටවත් සටන් විරාමයක් ඕනෑ.’ යැයි ඇමෙරිකන් උප ජනාධිපතිනිය අවධාරණය කර තිබේ.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS