ඊශ්‍රායල ප්‍රහාරයෙන් 90 ක් මරුට



ඊශ්‍රායල හමුදාව ගාසා තීරයේ අල් ෂිෆා රෝහල වටලා සිදු කරන ප්‍රහාරවලින් අද (21) දිනයේ පමණක්, පලස්තීන වැසියන් 90 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බව පලස්තීන සෞඛ්‍ය අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

ඊශ්‍රායල හමුදාව, තෙදිනක් තිස්සේ, ගාසා තීරයේ අල් ෂිෆා රෝහල වටලා පහර දෙන්නේ ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්ගේ දැඩි විරෝධය මධ්‍යයේය. ඊශ්‍රායල ප්‍රහාර හමුවේ තුවාල ලැබූ පලස්තීන වැසියන් පමණක් නොව, ඊශ්‍රායල ප්‍රහාරවලින් බේරී පලා ආ පලස්තීන වැසියන්ගෙන් ද රෝහල පිරී ඇති බව පැවැසෙයි.

තම හමුදාව රෝහලට පහර දෙන්නේ හමාස් සටන්කාමීන් රෝහල තුළ සිටින නිසා යැයි ඊශ්‍රායලය කියයි.

මියගිය 90 දෙනා අතරේ කුඩා දරුවන් සහ කාන්තාවන් ද බොහෝ දෙනකු සිටින බව ද පැවැසෙයි. ගාසා හමාස් සංවිධානය චෝදනා නගන්නේ ඊශ්‍රායල හමුදාව, අමු අමුවේ පලස්තීන වැසියන් ඝාතනය කරන බවය.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS