ඊශ්‍රායල ප්‍රහාරයෙන් හමාස් දෙවැනියා මැරිලා



තම හමුදා ප්‍රහාරයකින් ගාසා තීරයේ, හමාස් සංවිධානයේ යුද කටයුතු පිළිබඳ දෙවැනි නායකයා ලෙස කටයුතු කරන මර්වාන් ඊසා මිය යන්න ඇතැයි ඊශ්‍රායලය සැක කරයි.

ඊශ්‍රායල හමුදාව පවසන්නේ, මර්වාන් ඊසා මියයන්න ඇත්තේ හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් දිගින් දිගටම එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් බවය.

කෙසේ නමුත් ඊසා මියගිය බව මෙතෙක් තහවුරු වී නැති අතර, ඒ බව තහවුරු වුවහොත්, ඊශ්‍රායල හමාස් යුද්ධයේ දී මියගිය හමාස් සංවිධානයේ ඉහළම නායකයා මර්වාන් ඊසා වනු ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

ඊශ්‍රායලය නිකුත් කර ඇති අපරාධකරුවන්ගේ ලැයිස්තුවේ ඉහළින්ම සිටින තැනැත්තා ලෙස සැලකෙන්නේ ද මර්වාන් ඊසා ය. පසුගිය ඔක්තෝබර් 7 වැනිදා හමාස් සටන්කාමීන් ඊශ්‍රායලයට පහර දීමෙන් පසු, ඊශ්‍රායලය ගාසා තීරයට ප්‍රතිප්‍රහාර එල්ල කරද්දී, ඊශ්‍රායල හමුදාවට එරෙහිව සටන් මෙහෙයවීම කළේ ද මොහුය.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS