ඊශ්‍රායල පදිකයන්ට ප්‍රහාරයක්



ඊශ්‍රායලයේ ටෙල් අවීව් නුවරට උතුරින් පිහිටි රානානා නගරයේ, කාර්යබහුල අවස්ථාවක, පදිකයන් අතරට මෝටර් රථයක් කඩා වැදුණි.

මෝටර් රථයේ සිටියේ පලස්තීන තරුණයන් දෙදෙනකු බව පොලිසිය කියයි. තරුණයන් දෙදෙනා, ඊශ්‍රායල යුදෙව් පදිකයන් යට කරමින්, ඔවුන් මරා දැමීමට උත්සාහ කර තිබේ. මෝටර් රථයට හසු වී එක් අයෙක් ජීවිතක්ෂයට පත් විය. 17 දෙනෙක් තුවාල ලැබූහ.

තරුණයන් දෙදෙනා පොලිස් අත්අඩංගුවට පත්වුණු බව පැවැසෙයි. ඔවුන් බටහිර ඉවුරේ සිට ඊශ්‍රායලයට සංක්‍රමණය වූ පලස්තීනුවන් දෙදෙනකු බවත් හෙබ්රොන් නුවර පදිංචිකරුවන් බවත් ඊශ්‍රායල පොලිසිය පසුව පැවැසීය.

ඊශ්‍රායල ආරක්ෂක අංශ පවසන්නේ, එය ත්‍රස්ත ප්‍රහාරයක් බවය. තරුණයන් දෙදෙනා යුදෙව්වන් ඝාතනය කිරීමට උත්සාහ ගෙන ඇත්තේ ඊශ්‍රායල ප්‍රහාරවලින් දිගින් දිගටම ගාසා තීරයේ පලස්තීන සිවිල් වැසියන් මියයෑමට විරෝධය පළ කරමිණි.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS