ඉරානයෙන් රුසියාවට විරෝධයක්



මධ්‍යධරණී මුහුදේ, ඉරානය අයිතිය ඉල්ලන කුඩා දූපත් තුන සම්බන්ධයෙන් රුසියාව කළ ප්‍රකාශයක් මුල්කොට ගෙන, රුසියාවත් ඉරානයත් අතරේ අර්බුදයක් නිර්මාණය වී ඇත.

පසුගිය දා රුසියානු අරාබි සහයෝගිතා සමුළුව මොරොක්කෝවේ පැවැත්විණි. එහිදී රුසියන් නියෝජිතයන් පවසා ඇත්තේ, ඉරානය අයිතිය ඉල්ලන අබු මුසා, මහා ටන්බ් සහ කුඩා ටන්බ් යන දූපත් ඉරානයට අයිති යැයි කීමට ප්‍රබල සාක්ෂි නොමැති බවය.

මෙම ප්‍රකාශය ඉරානයේ දැඩි විරෝධයට හේතුවක් විය. ඉරාන විදේශ අමත්‍යාංශය, තෙහෙරාන් අගනුවර, රුසියන් තානාපති කැඳවා මේ සම්බන්ධයෙන් කරුණු විමසීමක් කළේය.


RECOMMEND POSTS